FAQ
නිතර අසන පැන.
- පන්තියට සම්බන්ධ වන්නේ කෙසේද?
- ඔබට අවශ්‍ය කණ්ඩායම තෝරාගෙන, ගාල්ල SyZyGy හෝ මාතර දැක්ම ආයතනයෙන් ලියාපදිංචි වන්න. ලියාපදිංචියෙන් පසු ඔබට ඉලක්කම් 8ක බාර්කෝඩ් අංකයක් සහිත ඇඩ්මිෂන් කාඩ් එකක් ලැබේ. ඔන්ලයින් පන්ති සඳහා learn.viduna.lk හරහා සම්බන්ධ වන්න. වැඩි විස්තර සඳහා හොට්ලයින් අංකයට කතා කරන්න.
- ඔන්ලයින් පන්ති තිබේද?
- ඔව්. learn.viduna.lk හරහා ලංකාවේ ඕනෑම තැනක සිට ඔන්ලයින් පන්තිවලට සම්බන්ධ විය හැක. ඔබේ දුරකථන අංකයෙන් පිවිසෙන්න. Zoom හරහා ද ඔන්ලයින් පන්ති පවත්වනු ලැබේ. නොමිලේ පසුගිය විභාග ගැටලු සාකච්ඡා YouTube Live හරහා පැවැත්වේ.
- ගෙවීම් කරන්නේ කෙසේද?
- ගෙවීම් සිදුවන්නේ ආයතන හරහායි. ඔබට ලැබෙන ඇඩ්මිෂන් කාඩ් එකේ ඇති ඉලක්කම් 8ක බාර්කෝඩ් අංකයෙන්ම ආයතනයේ වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය. වෙනත් අංකයකින් ලියාපදිංචි වුවහොත් ඔබේ ගෙවීම පද්ධතියෙන් හඳුනාගන්නේ නැත.
- පන්තියක් මඟ හැරුණොත්?
- එම පන්තියේ වීඩියෝව ආයතනයේ වෙබ් අඩවියට ඇතුළත් කරනු ලැබේ. නමුත් එය නරඹා අවසන් කිරීමට නියමිත දිනයක් ඇත, සාමාන්‍යයෙන් දින 7ක් ඇතුළත. ගාල්ල syzygygalle.lk, මාතර dekmaapp.eclass.lk.
- ලකුණු සහ Rank බලන්නේ කොහෙන්ද?
- සතිපතා ප්‍රශ්න පත්‍රවල ලකුණු සහ ඔබේ Rank එක lms.viduna.lk හරහා බලාගත හැක. පිවිසීමේ ගැටලුවක් ඇත්නම් 076 772 2522 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
- නිබන්ධන ලබාගන්නේ කෙසේද?
- නිබන්ධන පන්තියේදී ලබා දෙන අතර, කණ්ඩායමේ Telegram group එකට ද යොමු කරනු ලැබේ. නොමිලේ සාකච්ඡා සඳහා නිබන්ධනය කලින් බාගත කර, තනිව උත්සාහ කර පසුව සම්බන්ධ වන්න.
- කුමන නගරයට සහභාගී විය යුතුද?
- ගාල්ල සහ මාතර යන නගර දෙකෙහි පන්ති පවතී. ඔබට පහසු ස්ථානය තෝරාගත හැක. දුර ප්‍රදේශවල සිසුන්ට learn.viduna.lk හරහා ඔන්ලයින් පන්තිවලට සම්බන්ධ විය හැක.
- නොමිලේ සාකච්ඡාවලට ඕනෑම කෙනෙකුට එකතු විය හැකිද?
- ඔව්. පසුගිය විභාග ගැටලු සාකච්ඡා අපේ පන්තියේ නොසිටින ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී විය හැක. නිබන්ධනය බාගන්න, තනිව උත්සාහ කරන්න, පසුව YouTube Live සාකච්ඡාවට එකතු වන්න.